Tuesday, June 23, 2015

                                                      ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය

                                                  මොකක්ද මේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය කියන්නේ . සමහරු කියනවා ඔයාල ඔය තේරුම් අරන් තියෙන්නේ වැරදි තැනකින් කියලා. පිරිමි අයනම් කථා කරන්න අකමැතිම මාතෘකාවක් කියල තමයි මටනම් තේරුණේ . තවත් සමහරු කියනවා ගැහැණු ගැහැණු වගේ ඉන්නේ නැතුව පිරිමි වෙන්න හදනවා කියලා. ඇත්තටම ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය කියන්නේ ගැහැණු පිරිමි වෙන්න උත්සාහ කිරීමක්ද? ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය කියන්නේ ගැහැණු පිරිමි අභිබවා යන්න උත්සාහ කිරීමවත් පිරිමි ගැහැණුන්ව යටත් කරගැනීමවත් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. මෙය ස්ති‍්‍රයට වගේම පුරුෂයාටත් එක වගේ බලපාන කරුණක් .
                                               ස්තී‍්‍රයට පුරුෂයාට සමාජයෙන් වගකීම ගොඩක් පවරලා. පොඩි කාලෙම සෙල්ලම්බඩු කියලා පුංචි දුවට බෝනික්කෙකුත් පුංචි පුතුට තුවක්කුවකුත් දෙනවා. දුව බෝනික්කෙක් වගේ ලස්සනට සියුමැලිව අහිංසකව ලැජ්ජ බයටත් ,  පුතා  කාටවත් බය නැතුව එඩිතරව නිර්භීතව ශක්තිමත්වත් ජීවත් විය යුතුයි කියලනේ කියන්නේ .
                                               හැමදාම හවස 6 වෙනකොට අම්මගෙන් දුරකථන ඇමතුමක්. කොහෙද ඉන්නේ. රැු වෙන්න කලින් බෝඩිමට යන්න. තනියම කොහෙවත් යන්න එපා . ඒ වුණාට ගාමන්ට් වල කාර්යාල වල වැඩ කරන අම්මල අක්කල නංගිලට වැඩ ඉවරවෙන්නෙත් හවස 6ට. වැඩපළින් කලින් ආවොත් ලොක්කගෙන් බැනුම් . පමා වුණොත් ගෙදරින් බැනුම් . ගෙදර යන්න පරක්කු නිසා ඉක්මනින් යන්න තී‍්‍රරා්ද රථයට නැග්ගම  ස්වාමිපුරුෂයට කලින් ප‍්‍රශ්න කරන්නේ තීරෝද රථයේ අයියා. ‘‘ඇයි මිස් පරක්ක-ු වෙලා’’
                                          රූපවාහිනියෙ වෙළඳ දැන්වීම් , ටෙලිනාට්‍ය වල පෙම්වතියෝ , බිරින්දෑවරු, මව්වරු මදිනොකියන්න. ඒ හැමෝම කරන්නෙත් එකම වැඩ ටික. රාතී‍්‍රයේ සැමියාගේ ගත උණුසුම් කරන්න හරිස්චන්ද්‍ර කෝපි එකක් ගේන බිරිඳක්, ඉඳුල් සාස්පාන සෝදන පෙරේරා මහත්මිය, දිළිසෙන ගෙබිමයි මුළුතැන් ගෙයි උපකරණයි දැකලා  සතුටු වන ගෘහණියක්. කලාතුරකින් විධායක නිලධාරිනියක් පෙන්වුවත් ඇයත් කාර්යාලයේ වැඩ අවසන් කර එළවළු බෑග් එකත් අරගෙන ගෙදර යන ගමන් . ගෙදර ආපු ගමන් දරුවන්ගේ වැඩ ඉවර කරලා ගෙදර එන සැමියාව පිළිගන්න සිනා මුසු මුහුණ්ින් සැදී පැහැදී ගෙන.
                                           කාන්තාව මෙසේ කිරීම වරදක් නෙමෙයි නමුත් ඇය විසින් මෙය අනිවාර්යෙන් කළ යුතු වැඩ කොටසක් ලෙස සමාජය ඇයට වගකීම් පවරලා. ස්තී‍්‍රයට විතරක් නෙමෙයි. පුරුෂයාටත් එහෙමයි. රැුකියාවක් නොකර නිවසට වෙලා ඉන්න පිරිමියා පිරිමියෙක් නෙමෙයිලූ. යාලූවෝ එක්ක එකට බොනවනම් එල කොල්ලෙක්ලූ. පවුලක් නඩත්තු කරන්න බැරි මිනිහෙක්ගෙන් වැඩක් නැහැලූ. පිරිමියෙක්නම් බිරිඳටයි දරුවන්ටයි අඩුපාඩුවක් නොදී බලාගන්න පුළුවන් වෙන්න  ඕනෙලූ .
                                         කෙල්ලෙක්ට නම් හොඳම රැුකියාව ගුරු වෘත්තිය. නිදහස් රැුකියාවනේ . දරුවන්ගෙයි ස්වාමියාගෙයි නිවසේ වැඩ ටිකයි කරගෙන හවස් වරුවෙ නිවසෙ ඉන්නත් පුළුවන්නේ. ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය කියන්නේ  මේකට නේද? ස්ති‍්‍රයක් මෙහෙම වෙන්න  ඕනේ පුරුෂයෙක් මෙහෙම වෙන්න  ඕනේ කියලා සමාජය යුතුකම් හා වගකීම් කොටසක් පවරලා. සීමා මායිම් දාලා .ඒ සීමාවෙන් පිට පැන්නොත් ඇය නම් නැහැදිච්ච කෙල්ලක්. චපල ගැහැණියක්. ඔහු නම් කොන්ද පණ නැති පිරිමියෙක්. දහසක් දෝෂාරෝපණ.
 පුරුෂයාට වැඩිය ස්තීයට සීමා මායිම් වැඩියි. ඇයව පුරුෂයාට සාපේක්‍ෂව වැඩියෙන් පීඩාවට ලක් වෙනවා. ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය ගැන කතා කරනකොට ඇය ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ  ඒ නිසා. අතීතයේ සිටම කාන්තාව සාමාන්‍යයෙන් සැළකුවේ ගේ  දොර වැඩ , දරුවන් හා ස්වාමියාගේ වැඩ කොටස් ඉටු කර දෙමින් ගෙදරටම සීමා වී සිටිය යුතු බවයි. අතීතය මෙන්ම වර්තමානයත් අනාගතයත් එලෙසින්ම විය යුතුද? වර්තමානයේ කාන්තාව නොයෙකුත් ෙක්‍්ත‍්‍රයන් තුළ ඉදිරියට පැමිණියත් ඒ බැව් හෙළි කිරීමට සමාජය මැලි වන්නේ ඇයි?.
                                                                                පබා

1 comment: